බැංකු වලින් ලබාදෙන ණය සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Report

බැංකු මඟින් පුද්ගලික අංශය වෙත ණය ලබාදීම ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල් ආර් සී පද්බේරිය සඳහන් කළේ, මෙලෙස පුද්ගලික අංශය වෙත ණය ලබාදීම ඉදිරි මාසවලදී ද අඩුවනු ඇති බවයි.

මේ අතර මේ මාසය අවසානයේදී, පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා.

මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද මේ වන විටත් දක්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now