මෙරට ප්‍රධාන බැංකුවක සියලුම සේවා කටයුතු හදිසියේම නතර කරයි..

By Aruna Mar 06, 2023 11:22 PM GMT
Report

සිය ප්‍රධාන බැංකු පද්ධතියේ සිදුකරන වැඩි දියුණු කිරීමක් හේතුවෙන් අද (07) පෙ.ව. 1.00 සිට පෙ.ව. 2.30 දක්වා කාලය තුළ දී සේවාවන් කිහිපයක් අත්හිටුවනු ලබන බව මෙරට පෞද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන්ට දැනුම් දීමක් සිදු කරයි .

මේ අනුව බැංකුවේ සියලූම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍ර (CDMs), මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRMs) හා කියෝස්ක් (KIOSK) යන්ත්‍ර ‌‌ඉහත කී කාලපරිච්ඡෛ්දය තුළ දී අත්හිටුවනු ඇත.

මීට අමතරව ComBank ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරන ගනුදෙනු, ComBank ඩෙබිට් කාඩ්පත් මඟින් වෙනත් බැංකුවල ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) හරහා සිදුකරන ගනුදෙනු, ඊ - කොමර්ස් (e-commerce) ගනුදෙනු, ඕටිපි (OTP) සහ එස් එම් එස් ඇලෙර්ට්ස් (SMS Alerts) සේවාවන් ද මෙම කාලය තුළ අත්හිටුවීමට නියමිතය. මීට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery