බංග්ලාදේශය යළි ඉක්මනට යථා තත්ත්වයට පත්වේවි....

Report

අද (06) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නොමැති බවයි.

කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්...

කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්...

ඒ අනුව,

"අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි...   එමෙන් ම, කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා''

යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසී ය.