තරග පාවාදුන් බංගලාදේශ ක්‍රීඩකයෙක්ට ජීවිතාන්තය දක්වා වූ තරග තහනමක්
අයි.සී.සී. (ICC) දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා වූ තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
2025-26 BPL තරගාවලියේ චැටෝග්‍රෑම් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩාකර ඇති ඔහු, ඔට්ටු ඇල්ලීම ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හේතුවෙන් මෙම තරග තහනම පනවා තිබේ .
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සිදුකළ අදාළ දූෂණ විමර්ශනයේදී එම කණ්ඩායමේ තවත් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .
කෙසේ නමුත් අදාළ දඬුවම් ක්‍රියාවට නැංවීමට පෙර චෝදනා ලැබූවන්ට සිය චෝදනාවලට කරුණු දැක්වීම සඳහා ඊයේ (07) සිට දින 14ක කාලයක් ලබාදීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා දී තිබේ.