බංග්ලාදේශය සිය අන්තර්වාර රජය හෙට දැනුම් දෙයි...
By Parami Dissanayake
හෙට (08) රාත්‍රී 8 ට මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුතුව බංග්ලාදේශය අන්තර්වාර රජය දිවුරුම් දීමට ඉඩ ඇති බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන් ම, ඔහු සඳහන් කර ඇත්තේ, එහි උපදේශක මණ්ඩලයට සාමාජිකයින් 15 දෙනෙකු සිටින බවයි.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ප්‍රචණ්ඩකාරී ලෙස නෙරපා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස යුනුස් මහතා පත් කළේ ය.
ඔහු 84 හැවිරිදි අයෙකි.
මෙලෙස එතුමාව පත් කරනු ලැබුවේ, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුනුස් මහතා අන්තර්වාර රජය මෙහෙයවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා බංග්ලාදේශය මෙහෙයවනු ඇතැයි ජෙනරාල් වේකර් ප්‍රකාශ කළ බවයි.