ඇයි බන්දුල මෙහෙම කළේ..? කවුරුත් නොසිතූ තීරණයක් හදිසියේම ගත් හිටපු ඇමති බන්දුල..

Report

හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත්ය.

වහාම ක්‍රියාතමක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ ගාස්තුවක් පහළ දමයි..

වහාම ක්‍රියාතමක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ ගාස්තුවක් පහළ දමයි..

පාර්ලිමේන්තුව නියෝජනය සඳහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදුකළ බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.