බන්දුලත් සදහටම ඇතුළෙද..? තියන ෆයිලුත් අරන්ම CID යට එන්න කියයි..!

Report

හෙට (03) දිනයේ, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඒ පසුගිය ගෝටාභය රාජපක්‍ෂ රජය සමයේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

මෙම පැමිණිල්ල ලැබී ඇත්තේ, සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙනුයි.

එවක රජයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ. එම සිදුවීමට අදාළව ඔහු සතුව කිසියම් ලිපිගොනු ඇත්තේ නම් ඒවාද රැගෙන පැමිණ ලෙසද CID ය දන්වා තිබෙනවා.