බන්දුල කියන ජයග්‍රහණයේ සුබ ආරංචිය මේකද?

Bandula Gunawardane Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jun 25, 2024 12:09 PM GMT
Wayomi

Wayomi

Report

පැරිස් සමාජය සහ ඒකාබද්ධ ආධාර කණ්ඩායම් සමඟ ණය ප්‍රතිව්‍යූහගකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.

තව ද ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ ඊට අදාළ ගිවිසුම්වලට හෙට (26) දිනයේ දී අත්සන් තැබීමට නියමිත බවයි.

"විශේෂයෙන් රටේ බංකොලොත් භාවය ප්‍රකාශයටපත් කළ පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය නායකත්වයන් සමග විශේෂයෙන් ඉන්දියාව, එවගේම ජපානයේ රාජ්‍ය නායකත්වයන්, චීනය... චීන රාජ්‍ය නායකත්වය පැරිස් ආධාර කණ්ඩායම් ලෝක ප්‍රජාව සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් පවත්වලා දේශීය සහ අන්තර් ජාතික විශේෂඥ විද්වතුන් රැසකගේ අධාරය සහයෝගීතවය හා මඟපෙන්වීම යටතේ සාකච්ඡාවල අවසන් අවස්ථාවලට මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනෙකුත් පිරිස්වලට හැකියාව ලැබිලා ඒ සමග ඇතිකර ගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඒ සඳහා අදාළ ගිවිසුම් හෙට දිනයේදී අත්සන් තැබීම සඳහා පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගරයේ ප්‍රධානීන් සහ අපේ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කර යවා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකි ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නා.

🟢ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළා මේ අත්සන් තබන ලබන සෑම ගිවිසුමක් හා එම ක්‍රවේදයන් සම්පූර්ණ විස්තරාත්මක කරනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපත්කරන බවත් ඒ සමගම රටේ සමස්ත ලාංකිය ජනතාවට ජාතිය අමතලා, මේ ජයග්‍රහණයේ සුබ ආරංචිය ලබාදෙන බවත් සඳහන් කළා."