කටුනායක ගුවන් යානයක බෝම්බ බියක් - යන්න හිටිය ගුවන් ගමනත් වහාම අවලංගු කරයි.. සියල්ලන් බිය වී ගිය එහි සිදු වූ දේ..

Bandaranaike International Airport Sri Lanka Chennai India
By krishani Nov 11, 2023 02:10 AM GMT
krishani

krishani

Report

ඊයේ (10) කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයක වැසිකිළියක් තුළ කළු පැහැති පාර්සලයක් හමු වී තිබෙනවා.

එය ඊයේ පරීක්ෂා කර බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිටුවා ඇත.

බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේ දී එය කිලෝ දෙකක් බරැති රන් පාර්සලයක් බව තහවුරු වී තිබෙනවා.

ඉන් අනතුරුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති අතර ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරණ ගුවන් යානය ඊයේ පස්වරු 01.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කර ඇත.

නමුත් එම යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවෙකු නොමැති කලු පැහැති පාර්සලයක් තිබූ ඇත.

එය එහි ආරක්ෂක අංශ විසින් සිය අවසන් පරීක්ෂාවේ දී සොයාගෙන ඇති අතර එහිදී මෙම යානය ගුවන් ගත නොකර ධාවන පථයෙන් ආපසු හරවාගෙන ගුවන් තොටුපල වෙත පස්වරු 1.40 ට පමණ පැමිණ ඇත.

පසුව වහාම ගුවන් යානයේ සිටි සියලුම මගීන් පිටතට බස්සවා එය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

පසුව බෝම්බ නිශ්ක්‍රිය අංශය මගින් පරීක්ෂා කර ඇති අතර ඒ අනුව මෙම රන් පාර්සලය හමු වී තිබෙන්නේ.

කෙසේ වෙතත් පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම යානය පස්වරු 4.43 ට යළි චෙන්නායි නුවර බලා පිටත්ව විය.

ReeCha