නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේම සිරුරු සොයා ගැනේ..!(UPDATE)

Report

UPDATE 

බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් සිරුරු මේ වනවිට සොයාගෙන ඇත.

...........................................................

පසුගිය ඉරිදා රාත්‍රියේ බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

එනම් පසුගියදා නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් විය.

ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.