මේ පාර සොරි තමයි - බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන බැකෝ සමන් නමැත්තා ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වේ.
බැකෝ සමන් හා ඔහුගේ බිරිදඇතුළු 05 දෙනෙකු පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අතර ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණා.