අත්අඩංගුවට ගත් අන්තරේ 9දෙනාට ඇප
අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9දෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා.
එලෙස අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුවන් ඊයේ (16) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදාහැර ඇති බවයි.
ඔවුන් එලෙස විරෝධතාවක් ආරම්භ කර තිබුනේ සම සෞඛ්‍ය සේවාව ඇතුළු පරිපුරක වෛද්‍ය වෘත්තීන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිවයි.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ප්‍රදේශයට ඇතුළු වීම සහ රෝහල් කටයුතු වලට බාධා කිරීම වලක්වාලමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණය නියෝග නිකුත් කර ඇති පසුබිමකයි.
