"අම්මට ඇප ලැබිලා බබාලා හරි සතුටින්.." - ඇප ලැබුණ හිරුණිකා දරුවන් එක්ක ගෙදර ගිය හැටි.. (VIDEO)

Report

බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රව අද (22) ඇප මත මුදා හැරීය.

"අම්මට ඇප ලැබිලා බබාලා හරි සතුටින්.." - ඇප ලැබුණ හිරුණිකා දරුවන් එක්ක ගෙදර ගිය හැටි.. (VIDEO) | Bail For Hirunika Premachandra

ඒ කොළඹ මහාධිකරණය කළ නියෝගයකට අනුවයි.

ඒ ඇයගේ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මේ අතර, 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය වීම හේතුවෙන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවේ ය.

කෙසේ වෙතත්, එලෙස අධිකරණයෙන් ඇප නියම වුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රව නිවස වෙත රැගෙන යාමට සිය සැමියා සහ දරුවන් ඇවිත් හිටියේ මෙහෙමයි,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.