බැග්ඩෑඩ් ග්‍රීන් සෝන් උණුසුම් වෙයි

Report

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට විරෝධය පළ කරමින් ඉරාක ජාතිකයින් සිය ගණනක් අද (01) දහවල් බැග්ඩෑඩ්හි අතිශය ආරක්ෂිත ග්‍රීන් සෝන් කලාපයට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු තානාපති කාර්යාලය, ඉරාක රජයේ ප්‍රධාන කාර්යාල හා විදේශීය දූත මණ්ඩල බහුලව පිහිටා ඇති මෙම කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් වළක්වාලීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇත.

විරෝධතාකරුවන් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, ප්‍රදේශයෙන් වෙඩි ශබ්ද ඇසුණු බවත්, දුමාරයක් නැගෙමින් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම විරෝධතාකරුවන්ගෙන් බොහෝ දෙනෙකු ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණයට වගකිව යුතු බවට අමෙරිකාව හා ඊශ්‍රායලයට චෝදනා කරමින්, එම ඝාතනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ග්‍රීන් සෝන්හි ඇති අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගෙන ඇති බව පෙනේ.

තත්ත්වය තවමත් උණුසුම් ලෙස පවතින අතර, ග්‍රීන් සෝන් වටා ආරක්ෂක බලකායන්ගේ තදබල ප්‍රහාරකරණයක් දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

කමේනිගේ අවසන් කතාව

කමේනිගේ අවසන් කතාව

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් පසු චීනය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටී.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් පසු චීනය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටී.