වයස අවුරුදු 12 ට අඩු බාලවයස්කරුවන් සම්බන්ධයෙන් රජය කරන්න යන දේ මෙන්න.
වයස අවුරුදු 12 ට අඩු බාලවයස්කරුවන් වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් රජය ලබන වසරේ නව රෙගුලාසි හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, ලබන වසරේ සිට වයස අවුරුදු 12ට අඩු බාලවයස්කාර දරුවන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කරන බවයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තහනම 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ආචාර්ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.