මහ මුහුද මැද සිදු වූ අරුම පුදුම දරු උපත..මුලු ලෝකයේම අවධානය යොමු වෙයි.(PHOTOS)

By Aruna Jan 10, 2025 04:57 AM GMT
Report

අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවූ අපූරු පුවතක් වාර්තා වනවා.

අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මෙම ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටයි.

දවසට රුපියල් 17500 සිට 46000 දක්වා මුදල් ලැබෙන රැකියාවක්..අදම මේ ගැන ඔබත් දැනුවත් වන්න.

දවසට රුපියල් 17500 සිට 46000 දක්වා මුදල් ලැබෙන රැකියාවක්..අදම මේ ගැන ඔබත් දැනුවත් වන්න.


ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙන් වන අතර, ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දැනුම්දී ඇත.

කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවයි, වෙරළාරක්ෂකයන් පැවැසුවේ.

අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ ප්‍රකාශ කරයි.

බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගෙන තිබේ.

බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය. ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය.

කොළඹ විශේෂ තැනකින් සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් ඇරඹේ..මගීන්ට මෙන්න සුබ ආරංචියක්.!

කොළඹ විශේෂ තැනකින් සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් ඇරඹේ..මගීන්ට මෙන්න සුබ ආරංචියක්.!


ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය.

ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙන් වීමද විශේෂත්වයකි.

එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව ප්‍රකාශ කර ඇත.

එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමින් වීම ද විශේෂත්වයක්.

You May Like This Video


GalleryGalleryGallery