ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්.. කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි අණ කරයි..
By Aruna
කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබෙන බව වාර්තා වනවා.
ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟයි, ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කර ඇත්තේ.
ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීය බවයි පැවසෙන්නේ.