මෙන්න රජයෙන් අවුරුදු තෑගි - 5000ක ආහාර මල්ලක් 2500කට!

By Shehan Mar 26, 2025 06:54 AM GMT
Report

"කාලීන ආහාර පැකේජය" ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ 2025 අයවැය යෝජනාවට අනුව, රුපියල් 5,000ක වටිනාකමකින් යුත් "කාලීන ආහාර පැකේජයක්" රුපියල් 2,500ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි

අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි

මේ සඳහා අස්වැසුම් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නව අයදුම්පත් 812,753ක් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතයි.

 ඒ අනුව, 2025 අප්‍රේල් 1 සිට 2025 අප්‍රේල් 13 දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් හරහා මෙම ආහාර පැකේජය ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.