ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් ලාංකිකයන්ට හානියක් වෙලාද? මෙන්න ඇත්ත

Report

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාව හේත්වෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම් සිදුකරන බවයි.

මෙම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 15දෙනෙකුට දිවි අහිමි විය .

එරට පොලිසිය සඳහන් කර ඇත්තේ වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි.

සිඩ්නි වෙඩිතැබීමේ මහ මොලකරුගේ තොරතුරු හෙළි වේ

සිඩ්නි වෙඩිතැබීමේ මහ මොලකරුගේ තොරතුරු හෙළි වේ

 එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තවද සිඩ්නිහි, ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ ඊයේ පුද්ගලයින් 1000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා‘ සැමරුම මෙම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව සදහන් වේ.

බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමකින් මියගිය ගණන තවත් ඉහළට

බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමකින් මියගිය ගණන තවත් ඉහළට