ක්‍රිකට් ලෝකයම හොල්ලන ඓතිහාසික තීරණයක් - ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගය ඉන්දියාවට යයි

By Kanchana Jul 10, 2026 10:55 AM GMT
Report

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ 2026-27 තරගවාරයේ සමාරම්භක තරගය ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා චෙන්නායි නුවර පිහිටි සුප්‍රසිද්ධ MA චිදම්බරම් ක්‍රීඩාංගණය සත්කාරකත්වය ලබාදෙනු ඇත.

එම ක්‍රීඩාංගණය ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මව්බිම ලෙස ද ප්‍රසිද්ධය. ලොව විශාලතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිය වන IPL පැවැත්වෙන ඉන්දියාව, විදේශීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයක තරගයක් සඳහා සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

2022 ඉරණම යළිත් මොරොක්කෝවට අත්කර දෙමින් ප්‍රබල ප්‍රංශය අවසන් පූර්ව වටයට

2022 ඉරණම යළිත් මොරොක්කෝවට අත්කර දෙමින් ප්‍රබල ප්‍රංශය අවසන් පූර්ව වටයට

ඉන්දීය ප්‍රිමියර් ලීගයට පසුව ලොව දෙවන විශාලතම සහ ජනප්‍රියතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිය ලෙස බිග් බෑෂ් ලීගය සැලකෙන අතර, ඉන්දියාවේදී එහි සමාරම්භක තරගයක් පැවැත්වීම ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.