ඕස්ට්‍රේලියාව ඉවත දැමූ රුසියාවේ ඉල්ලීම.

By krishani Jun 16, 2023 12:57 AM GMT
Report

රුසියාව විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ - කැන්බරාහි පිහිටි එරට පාර්ලිමේන්තු පරිශ්‍රයට මීටර් 400ක් දුරින් වූ ඉඩමක රුසියාව විසින් නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටයි.

එම ඉල්ලීම ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, රුසියාව විසින් අදාළ ඉඩම ලබාගෙන ඇත්තේ බදු පදනම මත වන බවත්, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට දැනටමත් ඔවුන් එහි අඩිතාලම සකස් කර ඇති බවත් ය.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු රජය අදාළ ඉදිකිරීම් අත්හිටුවීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගත්ත ද එය අසාර්ථක වීම හේතුවෙන් ඊයේ (15) එයට එරෙහිව නව නීති කෙටුම්පතක් ද සම්මත කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ ය.