" මුල් දැනුම්දීමෙන් මම විශ්වාස කළේ නෑ.. මම හිතුවේ වංචාවක් කරන්න ගත්ත ඇමතුමක් කියලා.." - කාන්තාවකට ඇදුණු ලොකුම ලොතරැයිය..
By krishani
ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වේ.
ඒ එරට ජැක්පොට් ලොතරැයියකින් ය.
අදාළ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇයට ලැබුණු මුල් දැනුම්දීම ඇය විශ්වාස නොකළ බවත් මෙය වංචාවක් සිදුකිරීමට ලැබුණු ඇමතුමක් ලෙස සිතූ බවත් ඇය පවසා ඇත.
සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ අදාළ කාන්තාව පවසා ඇත්තේ තමන් එම ජයග්‍රාහී මුදලින් උකස් ණය ගෙවා දමන බවත් සිය රැකියාවෙන් ඉවත් වී සිය පවුලේ සාමාජිකයින් සමඟ වැඩිකාලයක් ගත කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
මේ වසර තුළ මේ දක්වා කාලය තුළ එරට ජයග්‍රහණය කර වැඩිම ජයමල්ල මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |