පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුළු 38 දෙනාගේ නඩුවට කොටුව මහේස්ත්‍රාතගෙන් ලැබුණු නියෝගය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රීයසාද් ඇතුළු 37 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කල් දමා තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ 05 නියෝග කළේ, අදාළ නඩුව නොවැම්බර් මස 30 දක්වා කල් තබන ලෙසයි.
පසුගිය මැයි මස 09 වනදා ගෝඨාගෝගම අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් සිද්ධියට අදාළව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |