පහරදීමකින් 27 හැවිරිදි තරුණයෙක් මියයයි..
පහර දීමක් හේතුවෙන්, දේවාලේගම – බෝකොළමුල්ල ප්‍රදේශයේදී තරුණයෙකු මියගොස් තිබෙන සංවේදී පුවතක් වාර්තා වනවා.
ඔහු මියගොස් ඇත්තේ,කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, දේවාලේගම ප්‍රදේශයේම පදිංචි 27හැවිරිදි තරුණයෙක්.
සැකකරු සහ මරණකරු අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාම මෙම පහර දීමට හේතු වී තිබේ.
මරණකරු ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවසට පැමිණෙමින් සිටින අතරතුරදී මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් සැකකරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන කෑගල්ල රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබයි.