මාලිමා මන්ත්‍රණියගේ ගෙදරට පැනලා තියුණු ආයුධයකින් දකුණු අත කපලා - මෙන්න විස්තරේ
දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහිටි නිවසට අද දහවල් 2.30 ට පමණ පැමිණි කුඩ්ඩකු කොල්ලය වැරදී මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකුට තියුණු පිහිවලින් කපා කොටා නිවැසියන් තිදෙනකු හට තුවාල සිදු කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඒ අනුව නිවසට මංකොල්ල කෑමට මෙම පුද්ගලයා ඇතුලුවී නිවැසියන් කලබලවීම නිසා මන්ත්‍රීවරියගේ දකුණු අත කපා තුවාල සිදුකර ,එයට මැදිහත්වූ පුතාට ද තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇත.
සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කරද්දී පිත්තල මල්පොච්චියකින් පියාගේ ඔලුවට ගසා බරපතල තුවාල සිදුකර ඇත.
ඒ සමග නිවැසියන්ගේ කෑගැසීමට අසල්වාසීන් පැමිණ කුඩ්ඩා අල්ලාල පොලිසිය බාර දී ඇත. තුවාල කරුවන් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත.