ලෝ ප්‍රකට මොනාලීසා සිතුවමට ප්‍රහාරයක් - සිතුවම විනාශ වෙලාද..?(VIDEO)

By Sewvandhi Jan 28, 2024 01:16 PM GMT
Report

සුප්‍රසිද්ධ සිත්තරා ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙක් විසින්, ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

වෙඩි නොවදින වීදුරු ආවරණයක ආරක්ෂාව ඇති නිසා සිතුවමට හානියක් විය නොහැකි බවයි, ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ.

16 වැනි සියවසට අයත් මේ සිතුවම ලොව වැඩිම ජන ප්‍රසාදයට ලක්වූ සිතුවම ලෙස සැළකෙයි.


.....................................................................................

Sponsored By Sarrita Jewellery

ලෝ ප්‍රකට මොනාලීසා සිතුවමට ප්‍රහාරයක් - සිතුවම විනාශ වෙලාද..?(VIDEO) | Atack On Monalisa Paint