අස්වැසුම දෙවනි අදියරය ඇරඹේ - ඔබටත් අයදුම්පත් යොමුකළ හැකි කාලය මෙන්න..
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේ අයදුම්පත් කැඳවන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය සූදානම් බවයි.
ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු මෙන්ම විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද එහි දී සැලකිල්ලට ගන්නා බවය.
ප්‍රතිලාභීන් දාහතරලක්ෂ හයදහස් නවසිය තිස් දෙනෙකු සඳහා අස්වැසුම ඔක්තෝබර් මස වාරික මුදල් මේ වනවිට ගිණුම්ගත කර අවසන් බව ද ඔහු පැවසීය.
ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා ඉහළ නංවමින් සුදුසුම පිරිස් ඊට තෝරා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර, 2024 සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර ඇති බවය.
