ජූනි මාසයේ සිට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් - මේ 15ට කලින් මතක් කරලා මේ දේ කරන්න..
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බවයි.
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා අවසන් වේ.
ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙනු ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.