මෙරට ජනතාවට ලැබෙන සහනයක් ගැන නැවතත් දැනුම්දීමක් මෙන්න.
මෙරට තවත් පවුල් 182,140ක් අස්වැසුම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙලෙස පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, ඒ අනුව ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වනවිට ගිණුම්ගත කිරීමට නියමිතයි.