සන්නද්ධ අපරාධ කල්ලි විසින් ජනපති පෙට්‍රෝට ඝාතන උත්සාහයක් - ආරක්ෂක අංශත් හොල්මන් වෙයි!

By Shani Feb 11, 2026 06:25 AM GMT
Report

තමා ඝාතන කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසයි.

ජනාධිපතිවරයා සිය දියණියන් ද සමඟ හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටි ඇති අතර, එය ගොඩබෑමට සූදානම් වෙද්දී, ආරක්ෂක අංශ වහා එය වැළැක්වූ බව පැවැසෙයි. හෙලිකොප්ටරය වෙන තැනතට ගෙන ගොස් ගොඩ බා ඇත්තේ සන්නද්ධ පිරිසක් ඊට වෙඩි තැබීමට සුදානමින් සිටින බවට ලැබුණු ඔත්තුවක් නිසාය.

කොලොම්බියාවේ සන්නද්ධ අපරාධ කල්ලි තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බවට පෙට්‍රෝ මීට පෙර ද පවසා තිබුණි.

කොලොම්බියාව ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. ඇමෙරිකාවට කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරන්නේ මෙම අපරාධ කල්ලි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි.

එම අපරාධ කල්ලිවලට ජනාධිපති පෙට්‍රෝගේ අනුග්‍රහය හිමි වන බවට ට්‍රම්ප් කළ ප්‍රකාහ හේතුවෙන්, පෙට්‍රෝ සහ ට්‍රම්ප් අතරේ නොහොඳ නෝක්කඩු පැවැතියත්, පසුව ධවල මන්දිරයේ පැවැති හමුවකින් පසු සියල්ල යහපත් අතට හැරුණි.