2023 ආසියානු කුසලාන තරඟ ආරම්භය අද
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානයේදී අද (30) ආරම්භ වෙනවා.
මෙවර තරඟාවලියේ සම සත්කාරකත්වය පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබෙනවා.
කණ්ඩායම් 6ක් එක්වන තරඟාවලිය A සහ B ලෙස කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මකයි.
A කාණ්ඩය යටතේ පාකිස්ථානය, නේපාලය සහ ඉන්දියාව තරඟ කරන අතරම, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ කරන්නේ B කාණ්ඩයෙනි.
තරඟාවලියේ සාර්ථකම කණ්ඩායම ලෙස අවස්ථා 7කදී ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දියාව සැලකෙනවා.
වත්මන් ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකාව ජයගෙන ඇති කුසලාන සංඛ්‍යාව 6කි.
ආසියානු කුසලාන දෙකක් පමණක් පාකිස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය මෙවර තරඟාවලියට එක්වන්නේ සිය කුළුඳුල් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.
තරඟාවලිය ආරම්භ කරමින් අද දිනයේ පළමු තරඟය පාකිස්ථානය සහ නේපාලය අතර පාකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත්වීමට නියමිත අතර, බාබර් අසාම් පාකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර නේපාල කණ්ඩායම මෙහෙයවන්නේ රෝහිත් පැවුඩෙල් විසිනි.
