ආශාවරි ළමා සංගීත කණ්ඩායම, බලධාරීන් අත්හිටුවයි..! සමාජ මාධ්‍ය කැළඹූ ඔවුන්ගේ ගීතයක් මෙන්න..(VIDEO).

Report

ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් විය.

මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.

කෙසේවෙතත්, වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යානොහැකි බව දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණි.

පහතින් දැක්වෙන්නේ එම ළමා සංගීත කණ්ඩායමේ ගීතයක් ..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now