“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි
By Malith Madushan
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගන්නා බව සඳහන්ය.
එමෙන්ම, අරුන්දික ප්‍රනාන්දු මහතාගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.