ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක නි. ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්තමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාර ගැටුම සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර තුළ ඉකුත් දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බව‍යි.

එසේම ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින්ද විශේෂ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඔහු අවධාරණය කළා.

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

එසේම එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විශේෂ විමර්ශන සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"දින තුනක් ඇතුළත බන්ධනාගාර හතරක මෙවැනි සිදුවීම් වාර්තා වීම පිටුපස විවිධ හේතු තිබිය හැකියි. ඒ පිළිබඳව ඊයේ සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. දැනට පවතින විමර්ශන කටයුතු නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම මේ මොහොතේ සුදුසු නැහැ," යනුවෙන්.

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඒ අනුව රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර මහතා, මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාමට ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවත් සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවයි.

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න