ආර්ටෙමිස් II යළි පෘථිවිය බලා ගමන් කරයි - පැසිෆික් සාගරයෙන් ගමන අවසන්

Report

සඳ වටා ගමන් කරමින් නව ඉතිහාසයක් සනිටුහන් කළ ආර්ටෙමිස් II (Artemis II) මෙහෙයුමේ කාර්ය මණ්ඩලය මේ වන විට සිය ගමනාන්තය නිම කරමින් නැවත පෘථිවිය බලා පැමිණෙමින් සිටිති.

දින 10ක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී චන්ද්‍ර මෙහෙයුම හෙට (10) රාත්‍රියේ නිමාවට පත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

ඒ අනුව, අභ්‍යවකාශගාමීන් රැගත් යානය හෙට රාත්‍රියේ දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගර කලාපයට පතිත වීමට (Splashdown) නියමිතය.

දශක කිහිපයකට පසු මිනිසුන් සහිත යානයක් සඳ අසලට ගිය පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, මෙම සාර්ථකත්වය ඉදිරි අඟහරු මෙහෙයුම් සඳහා ද තීරණාත්මක පියවරක් වනු ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා අමෙරිකානු නාවික හමුදාව සහ නාසා (NASA) ආයතනය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

මේ ප්‍රදේශ වලට ජල කප්පාදුව අද සිට හෙට දක්වා

මේ ප්‍රදේශ වලට ජල කප්පාදුව අද සිට හෙට දක්වා