රට රැකියාවක සිහින දකින ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුමයි..

By Piyumika Jul 03, 2024 09:05 AM GMT
Report

ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තුන්දෙනෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හට අද (03) අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළ හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට..

අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළ හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට..

කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගෙන් ඔවුන් මුදල් වංචා කර ඇති බව සදහන් වේ. ඩුබායිහි රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අදාල මුදල ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය හිතවතියකගේ ගිණුමකට බැර කරවා ගෙන තිබේ.

සිසුවියක් හා සිසුවෙකුට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

සිසුවියක් හා සිසුවෙකුට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

ඒ අනුව සිදු කළ විමර්ශවලට අනුව ඩුබායි රැකියාවක නිරතව සිටි සැකකාර කාන්තාව දිවයිනට පැමිණි අවස්ථාවේ ඇය චංචනිකව මුදල් බැර කර ගත් ගිණුම හිමි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

සිරකරුවකුට විශේෂ දඩුවමක් ලබා දුන් බන්ධනාගාර නිලධාරීනිය..

සිරකරුවකුට විශේෂ දඩුවමක් ලබා දුන් බන්ධනාගාර නිලධාරීනිය..

මේ අතර, ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා බලා දෙන බව පවසමින් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි තුන්දෙනෙකුගෙන් ලක්ෂ 8 කට අධික මුදලක් වංචා කළ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත .