බඩුත් අරන් නිධානයක් ගන්න ගිය 6ක් අත්අඩංගුවට
ලුණුගල, බුළුගොල්ල ප්රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය පවසයි.
ඒ අනුව් ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත බුළුගොල්ල ප්රදේශයේ කුඹුකන් ඔය රක්ෂිතයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් සමග කැණීම් උපකරණ කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු49 ත් 61ත් අතර වයස්වල පසුවන ලුණුගල, ඇඹිලිපිටිය, පිළියන්දල, තණමල්විල, මිල්ලබැද්ද සහ හොප්ටන් යන ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.