චිවරධාරියෙකුට නොසුදුසු ක්‍රියාවක් කරමින් සිටි හිමි නමක් අත්තඩංගුවට..

Report

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීම සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවන හිමිනමකි.

මේ ඡන්ද කාලේ අස්සේ පොලිසියටත් වෙන අකරතැබ්බ..

මේ ඡන්ද කාලේ අස්සේ පොලිසියටත් වෙන අකරතැබ්බ..

හිමිනමක් විසින් කාර් රථයක් පදවමින් සියින බවට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් චීවරය දරා සිටි සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇත .

මෙම හිමිනම නුවර සිට කුලියාපිටිය කදානෙගෙදර පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක් කරා ​මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

අදාළ හිමිනමගේ රියැදුරු ‌නොසිටීම හේතුවෙන් සැකකාර හිමිනම මෝටර් රථය පදවා ඇතැයිද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් හිමිනම, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බෑවලගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.