සහනාධාර මුදල් වංචා කළ නිලධාරිනියක් මාට්ටු වෙයි

Report

අනුරාධපුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකාරිය 2024/25 මහකන්නයට අදාළව නිකුත් කළ පොහොර සහනාධාර මුදල් වංචා කර ඇති බවයි.

මහින්ද දොඩම්පගමගේ ඉල්ලුම ඉහලට.... ජනතාව පාරට බහි....

මහින්ද දොඩම්පගමගේ ඉල්ලුම ඉහලට.... ජනතාව පාරට බහි....

එම මුදල රුපියල් මිලියන 2.6ක් බවට හෙළි වී තිබෙනවා. අනුරාධපුර ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම නිලධාරිනිය සම්බන්ධයෙන් ඉදරි නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.