ප්‍රබල සාටකයක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්....
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
Sinhala news
By Hashini
ඉදිරි දින දෙක ඇතුලත රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සමීප ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.
පසුගිය රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ඇතැයි ද එම සාකච්ඡා වන්හි කියැවෙනවා.
දැනටමත් අදාළ පරීක්ෂණ සඳහා කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ පොහොර නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වීම හරහා විශාල මුල්‍ය වංචාවක් සිදු වූ බවට එල්ල වූ චෝදනා මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකය.
