ව්‍යාජ ලේඛන සකසා භාවිත කෙරූ ජීප් රියක් පොලිස් භාරයට

By Gagana News Mar 08, 2025 01:45 PM GMT
Report

කූඨ ලේඛන නිර්මාණය කර සකසන ලද ජීප් රථයක් දැරණියගල ප්‍රදේශයේ සඟවා තිබියදී අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වා එකලස් කර ව්‍යාජ චැසි අංක, ඇන්ජින් අංක සහ ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් මෙම ජීප් රථය එකලස් කර ඇති බවය.

මෙම ජීපි රථය යම් අපරාධයක් සිදුකර ඇත්දැයි බැලීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධව අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

බෑගයෙන් මතු වූ මිනිස් හිස්කබල්

බෑගයෙන් මතු වූ මිනිස් හිස්කබල්