අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

Report

ශ්‍රි ලංකා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ අද සිට බස් රථ 4000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිමටයි.

රටේ ඇතිව තිබූ ආපදා තත්ත්වය අවම වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඉන් 2500 කට ආසන්න බස් රථ ප්‍රමාණයක් දුරගමන් ධාවනය සදහා සැලසුම් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී එච් ආර් ඩී චන්ද්‍රසිරි මහතා සදහන් කර ඇත.

තවද ඔහු සදහන් කළේ රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය වෙනුවෙන්ද විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බවයි.

ඒ වගේම පැවති අපදා තත්වය සමඟ කොළඹ සිට ගමන් කළ දුම්රිය 37 ක් නැවත කොළඹ දක්වා ධාවනය කිරීමට නොහැකිව ව ඇත.

ඒ අතර කාර්යාල දුම්රිය 18 ක් ද වන බව දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරවීර මහතා සදහන් කර තිබේ.  

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි