ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ යුද හමුදාපතිගේ ගුවන් කරනම. - (PHOTOS)
By Wayomi
නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා පැරෂුට් පිම්මක් පනිනු ලැබුවා.
ඒ, උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදීයි.
යුද හමුදාව පවසන්නේ,යුද හමුදාපතිවරයකු ගුවන් පැරෂුටයකින් මෙලෙස ගුවන් පිම්මක් පැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ බවයි.
මෙහිදී මාලදිවයින් ජාතික නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සෙබලුන් 15 දෙනකු, යුද හමුදාවේ විනයාරක්ෂාදීපති ඇතුළු කමාන්ඩෝ සෙබලුන් 13 දෙනකු ඇතුළු කණ්ඩායමක් සමග යුද හමුදාපති මෙම ගුවන් පිම්ම පනිනු ලැබුවා.
ඒ අනුව එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් බටයන්ගේ නාමාවලියට යුද හමුදාපතිගේ නාමය ද ඇතුළත් වන බව යුද හමුදාව සඳහන් කරනවා.
යුද හමුදාපතිවරයා ඌව කුඩා ඔය කොමාන්ඩෝ පාසලේ පැරෂුට් පුහුණු අංශය තුළ මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව මෙම නිර්භීත ක්‍රියාව සිදු කළා.