දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]

Report

2025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2025 ඔක්තෝබර් මස 30 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගෙන් 30 දෙනෙකු යුද්ධ හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක් විය. එම යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

පන්දුවාර 20 ක්‍රිකට් උපනායකත්වය දසුන් ශානකට?

පන්දුවාර 20 ක්‍රිකට් උපනායකත්වය දසුන් ශානකට?

මෙම විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණය සඳහා දායකත්වය ලබා දුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සියලු දෙනාහට යුද්ධ හමුදාධිපතිතුමන් සුභ පැතුම් එක්කල අතර ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.

මත්තල ගුවන්තොටුපලට සහතිකයක්

මත්තල ගුවන්තොටුපලට සහතිකයක්

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට යුද්ධ හමුදාධිපති විසින් ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.

බෞද්ධ භික්ෂුවක් ගැහැණු ළමයින් හය දෙනෙකු ලිංගික අපයෝජනය කරලා

බෞද්ධ භික්ෂුවක් ගැහැණු ළමයින් හය දෙනෙකු ලිංගික අපයෝජනය කරලා

රන් පදක්කම් ලාභීන්

බළලත් නිලධාරී 2 කාලිංග කුමාරගේ - මීටර් 400, 400 x 4 (සහය දිවිම)

බළලත් නිලධාරී 2 නදීෂා ලේකම්ගේ - හෙල්ල විසි කිරිම

කෝප්‍රල් තරිදු දසුන් - උස පැනීම කෝප්‍රල්

අමාෂා ද සිල්වා - 100 x 4 (සහය දිවිම)

කෝප්‍රල් සාෆියා ෆාතිමා යමික් - මීටර් 100, 100 x 4 (සහය දිවිම),

මීටර් 200 කෝප්‍රල් හර්ෂ කරුණාරත්න - මීටර් 800

කෝප්‍රල් චමෝද් යෝධසිංහ - මීටර් 100, 100 x 4 (සහය දිවිම)

පාබල සෙබල සදුන් දියලවත්ත - 100 x 4 (සහය දිවිම)

සාමාන්‍ය සෙබල ප්‍රමුදිත සිල්වා - 100 x 4 (සහය දිවිම)

සාමාන්‍ය සෙබල පසිඳු මල්ශාන් - තුම් පිම්ම

කාන්තා සෙබල රසාරා විජේසුරිය - මීටර් 10000

ආධුණික සෙබල ඉන්දූප සිල්වා - 400 x 4 (සහය දිවිම)

රිදී පදක්කම් ලාභීන්

බළලත් නිලධාරි 2 කාලිංග කුමාරගේ - 400 x 4 (මිශ්‍ර සහය දිවිම)

මාණ්ඩලික සැරයන් නදීශා රාමනායක- 400 x 4

(මිශ්‍ර සහය දිවිම), - 400 x 4 (සහය දිවිම)

කෝප්‍රල් රුසිරු චතුරංග - මීටර් 1500

කෝප්‍රල් සුමේධ රණසිංහ - හෙල්ල විසි කිරිම

කෝප්‍රල් රෝෂාන් ධම්මික රණතුංග - 110 කඩුළු

කෝප්‍රල් අමාෂා ද සිල්වා - මීටර් 100

කෝප්‍රල් වික්නරාජ් වක්සන් - මීටර් 5000

සාමාන්‍ය සෙබල රනින්දි ගමගේ - උස පැනීම

ආධුණික සෙබල ඉන්දූප සිල්වා - 100 x 4 (මිශ්‍ර සහය දිවිම)

ලෝකඩ පදක්කම්   

 සැරයන් ලක්ෂිකා සුගන්ධි - මීටර් 100 කඩුලු

කෝප්‍රල් දමිත් ධර්මසේන - මිටිය විසිකිරිම

කෝප්‍රල් නිලන්ත දිසානායක - කවපෙත්ත විසිකිරිම

කාර්මික සෙබල මොහොමඩ් නිෆ්රාස් - මීටර් 1500

ආධුනික සෙබල සුසිනද්‍ර කුමාර් මිතුන්රාජ් - යගුලිය විසිකිරිම

ආධුණික සෙබල ඉන්දුප සිල්වා - මිටර් 400

ආධුනික කාන්තා සෙබල සෂිනි උපේක්ෂා - තුන්පිම්ම

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery