ඉන්දු - පාකිස්තාන අතිරේක දිනයට එරෙහිව අර්ජුනගේ විරෝධය.

Arjuna Ranatunga Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team Pakistan national cricket team
By Wayomi Sep 16, 2023 05:42 PM GMT
Wayomi

Wayomi

Report

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වෙනස් වූ තරග නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සිය අප්‍රසාදය පළ කරනවා බව ක්‍රික් ඉන්ෆෝ වෙත අදහස් දක්වමින් පවසනවා.

ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දු - පාකිස්තාන තරගයට අතිරේක දිනයක් ලබාදීම හේතුවෙන්.

කෙසේ වෙතත් දින 18ක් පුරා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (17) පැවැත්වෙනවා. 

අවසන් සටහනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සටන් වදින අතර ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ සිය කිරුළ රැක ගැනීමේ අරමුණින්.

මේ වනවිට 6 වරක් ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා පිල අවසන් වරට සිය මව්බිමේදී ආසියානු ක්‍රිකට් ශූරතාවක් දිනා ගත්තේ 2004 වසරේදීයි. 

ReeCha