අර්ජුන රණතුංග වැඩ අරඹයි.කෝටි ගණනක පාඩුවක් නවත්වයි.

By Wayomi Aug 28, 2022 12:46 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ විදේශ සංචාරයක් අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසනවා.

ඒ, අදාල නිලධාරීන් රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයේ නිරත වීමට සූදානම් වූ මොහොතේයි.

අර්ජුන රණතුංග මේ බව කියා සිටියේ, මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා. එහිදී ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත් එසේම ඒ යන රටවල්වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමඟ ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා. අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW