අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරය මගින් අද අධිකරණයට..

Report

වැට් බදු නොගෙවීම හේතුවෙන් සිර දඬුවම් විඳින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන මෙන්ඩිස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් යන අය බන්ධනාගාරය මගින් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් පිරිසකට හදිසියේ මාරුවීම් ..මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ගැන අනාවරණයක්..

රාජ්‍ය නිලධාරීන් පිරිසකට හදිසියේ මාරුවීම් ..මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ගැන අනාවරණයක්..

2015 2 ශ්‍රී ලංකා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටින සැකකරු මහාධිකරණය මගින් අදාල ඇපය ලබා ගත් අවස්ථාවේදී ඊට අදාල ඇප කොන්දේසි සපුරා ඇප අත්සන් කිරීම සම්බන්ධයෙන් නඩු ගොනුවේ නිසි පරිදි සටහන් නොවීම හේතුවෙන් එම අඩුපාඩු නැවත සම්පූර්ණ කිරීම සඳහා බන්ධනාගාර විසින් සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දුන් සහන යොමු කරලා තිබ්බත් ඒ වෙනුවට මහ බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කරලා..

ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දුන් සහන යොමු කරලා තිබ්බත් ඒ වෙනුවට මහ බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කරලා..

මහා බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධි කරන පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇප අත්සන් කිරීමේ අඩුපාඩු ඇති බවට මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය නඩුවාරයේදී නිරීක්ෂනය කර තිබෙනවා.

එම අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා නීතිඥවරයකු මාර්ගයෙන් අදාල ලේඛන ඉදිරිපත් කිරීමට සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණය රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ. සැකකාර අරජුන් ඇලෝයස්ගේ පියා ද අද අධිකරණයට පැමිණ තිබෙනවා.

You may like this video