වචන හරඹයක් දුරදිග යයි! එළවළු වෙළෙන්දාට මාරක ප්‍රහාරයක්
By Gagana News
මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රී (03) කාලයේ එම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ, පේතාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙකි.
මරණකරු එළවළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදුකළ පහරදීමකින් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.