කේප් වර්ඩ් සමග කරට කර සටනින් ලෝකශුර ආර්ජන්ටිනාව සුපිරි 16 අතරට

Report

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි තිස් දෙක වටයේ කේප් වර්ඩ් කණ්ඩායමට එරෙහිව අතිරේක කාලයේදී 3-2ක තියුණු ජයක් වාර්තා කරමින් වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායාම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ 29 වැනි මිනිත්තුවේදී ලයනල් මෙසී වාර්තා කළ ගෝලයත් සමඟ ආර්ජන්ටිනාව පෙරමුණ ගත් අතර, එය ඔහුගේ ලෝක කුසලාන ඉතිහාසයේ 20 වැනි ගෝලය ලෙසද වාර්තා අතරට එක්විය.

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

දෙවැනි අර්ධයේ ආරම්භයයේ 62 මිනිත්තුවේ පසු කේප් වර්ඩ් වෙනුවෙන් සිඩ්නි ලෝපෙස් කබ්රාල් සම තත්ත්වය ඇති කළේය.

අතිරේක කාලයේ ආරම්භයේදී 92 මිනිත්තුවේදි ලිසැන්ඩ්‍රෝ මාර්ටිනෙස් ආර්ජන්ටිනාවට යළි පෙරමුණ ලබා දුන්හ.

පසුව 103 මිනිත්තුවේදි ඩෙරෝයි ඩුවාර්ටේ නැවතත් කේප් වර්ඩ් කණ්ඩායම වෙනුවෙන් 2-2ක් ලෙස සම කරමින් තරගය උණුසුම් කළේය.

කෙසේ වෙතත් 111 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියන් රොමේරෝගේ හිසෙන් එල්ල වූ පන්දුව කේප් වර්ඩ් ආරක්ෂක ඩිනේ බෝර්ජස්ගේ පාදයේ වැදී දැලට යාමෙන් වාර්තා වූ ස්වයං ගෝලය ආර්ජන්ටිනාවට ජය තහවුරු කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ආර්ජන්ටිනාව අවසන් 16 දෙනාගේ වටයේදී ඊජිප්තුව සමඟ තරග වැදීමට නියමිතය. පරාජයට පත්වුවද, අප්‍රිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩ් කණ්ඩායම ලෝක පාපන්දු ප්‍රජාවේ විශේෂ අවධානය දිනාගැනීමට සමත් විය.

සිය මංගල ලෝක කුසලාන තරගාවලියේදීම ඔවුන් ස්පාඤ්ඤය, උරුගුවේ සහ සෞදි අරාබිය වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ ජය පරාජයෙන් තොරව තරග කරමින් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසියේය.

40 හැවිරිදි දැල් රකින ක්‍රීඩක වොසින්හා මෙම තරගයේදී විශිෂ්ට දස්කම් දක්වමින් ආර්ජන්ටිනාවේ ප්‍රහාර 10ක් සාර්ථකව වළක්වාලූ අතර, ඒ අතර ලයනල් මෙසීගේ ප්‍රබල උත්සාහ පහක්ද ඇතුළත් විය.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ආර්ජන්ටිනා පුහුණුකරු ලයනල් ස්කලෝනි පැවසුවේ, කේප් වර්ඩ් කණ්ඩායම විශිෂ්ට තරගයක් ක්‍රීඩා කළ බවත්, පාපන්දු ලෝකයේ පහසු ප්‍රතිවාදියකු නොමැති බව ඔවුන් යළිත් ඔප්පු කළ බවත්ය.   

කිලියන් එම්බාපේ ලෝක කුසලානය කළඹයි - ප්‍රංශය සුරක්ෂිතව අවසන් 16ට

කිලියන් එම්බාපේ ලෝක කුසලානය කළඹයි - ප්‍රංශය සුරක්ෂිතව අවසන් 16ට