ගුවන් මගී කාන්තාවක් නීතිවිරෝධීව කළ වැඩක් අතේ මාටිටු වෙයි..

Report

රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙවා පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ද සමග අද(03) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට ජනතාව අතර ජනප්‍රිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

මෙරට ජනතාව අතර ජනප්‍රිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.


ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන , පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය කළමනාකාරීවරියක් බවයි පැවසෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඇය විසින් රැගෙන ආ ගමන් මලු කීපය තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 47,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 235 ක් සගවා ගෙන සිටියදීය.

You May Like This Video